මොකක්ද මේ Firebase කියන්නේ?
සරලවම කිව්වොත්, App එකක් හදද්දි අපිට පේන කොටස (Frontend) වගේම, අපිට නොපෙනෙන පිටුපස දුවන කොටසක් (Backend) තියෙනවා. සාමාන්‍යයෙන් මේ Backend එක (Server, Database) හදන්න ලොකු මහන්සියක් සහ කාලයක් යනවා.
අන්න ඒ Backend එක හදන එක හරිම ලේසි කරන Platform එකක් තමයි Firebase කියන්නේ. "Backend-as-a-Service" (BaaS) කියලා තමයි මේකට තාක්ෂණිකව කියන්නේ. Server ගැන ලොකුවට දන්නේ නැති කෙනෙක්ට වුනත් Firebase පාවිච්චි කරලා සුපිරි App එකක් හදන්න පුළුවන්.
Firebase වලින් අපිට ලැබෙන ප්‍රධාන වැඩ මොනවද?
Firebase ඇතුලේ tools ගොඩක් තියෙනවා. ඒ අතරින් වැඩිපුරම පාවිච්චි වෙන ඒවා ටිකක් පහළ තියෙනවා.
Authentication (Login වෙන සිස්ටම් හැදීම):
User කෙනෙක් App එකට රිජිස්ටර් වෙන්න, ලොග් වෙන්න ඕන සිස්ටම් එක (Email/Password, Google Login, Facebook Login, Phone number login) මුල ඉඳන් කෝඩ් කරන්න ඕනේ නෑ. Firebase එකේ මේක හදලමයි තියෙන්නේ. අපිට තියෙන්නේ ඒක අපේ App එකට සම්බන්ධ කරන්න විතරයි.
Firestore / Realtime Database (Data තියාගැනීම):
App එකේ දත්ත (Data) save කරලා තියාගන්න තැන. විශේෂම දේ තමයි, මේක Real-time වැඩ කරනවා. ඒ කියන්නේ එක්කෙනෙක් Data එකක් වෙනස් කරපු ගමන්, ඒ වෙලාවෙම අනිත් හැමෝටම ඒක පේනවා (Chat App එකක මැසේජ් එනවා වගේ).
Cloud Storage (File සේව් කිරීම):
Users ලාගේ ෆොටෝ, වීඩියෝ වගේ ලොකු ෆයිල්ස් save කරන්න මෙයාලා ඉඩ දෙනවා.
Hosting (Websites අන්තර්ජාලයට දැමීම):
ඔයා Web App එකක් හැදුවා නම්, ඒක ලෝකෙටම පේන්න අන්තර්ජාලයට දාන්න (Publish කරන්න) මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක හරිම වේගවත්.
Cloud Messaging (Notifications යැවීම):
App එක දාගෙන ඉන්න අයට නොටිෆිකේෂන් යවන්න මේක පාවිච්චි කරනවා.
Analytics:
කී දෙනෙක් App එක පාවිච්චි කරනවද? එයාලා වැඩිපුරම යන්නේ මොන පිටුවලටද? වගේ දේවල් බලාගන්න පුළුවන්.
ඇයි අපි Firebase පාවිච්චි කරන්න ඕනේ? (වාසි)
වේගවත් බව: මාස ගාණක් යන වැඩක් සති කීපයකින් ඉවර කරන්න පුළුවන්.
Server ගැන කරදර වෙන්න ඕන නෑ: Server එක කඩා වැටෙයිද, ස්ලෝ වෙයිද කියලා බය වෙන්න දෙයක් නෑ. Google එකෙන් ඒ ඔක්කොම බලාගන්නවා.
නොමිලේ පටන් ගන්න පුළුවන්: මුල් කාලෙදි පොඩි users ලා ගාණක් ඉන්නකම් මේක සම්පූර්ණයෙන්ම නොමිලේ (Free Tier). පස්සේ App එක ජනප්‍රිය වෙද්දි විතරක් සල්ලි ගෙවන්න ඕනේ.
කොහොමද Firebase පාවිච්චි කරන්න පටන් ගන්නේ? (පියවරෙන් පියවර)
මේක පටන් ගන්න හරිම ලේසියි. ඔයාට Gmail එකවුන්ට් එකක් තියෙනවා නම් මේ දැන් වුනත් පටන් ගන්න පුළුවන්.
පියවර 1: Firebase Console එකට යන්න.
console.firebase.google.com කියන වෙබ් එකට යන්න. එතනින් ඔයාගේ Gmail එක දීලා ලොග් වෙන්න.
පියවර 2: Project එකක් හදන්න.
"Create a Project" කියලා බට්න් එකක් ඇති. ඒක ඔබලා ඔයාගේ App එකට නමක් දෙන්න (උදා: MyChatApp).
පියවර 3: ඔයාගේ App එක සම්බන්ධ කරන්න.
Project එක හැදුනම අහනවා ඔයා හදන්නේ Web එකක්ද, Android ද නැත්නම් iOS (Apple) ද කියලා. ඒ අදාළ අයිකන් එක උඩ ක්ලික් කරන්න.
එතකොට එතනින් දෙනවා පොඩි කෝඩ් කෑල්ලක් (SDK Code).
පියවර 4: කෝඩ් එක දාන්න.
ඔයා ඇප් එක හදන තැනට (VS Code එකේ නම් ඔයාගේ project එකට) ගිහින් අර දුන්න කෝඩ් කෑල්ල Copy-Paste කරන්න ඕනේ.
උදාහරණයක් විදියට Web එකක් නම්, HTML ෆයිල් එකේ පහලින් මේක දාන්න ඕනේ.
පියවර 5: Documentation බලන්න.
දැන් ඔයාට Login හදන්න ඕන නම් Firebase Docs වල තියෙනවා ඒකට අදාළ කෝඩ් එක. Database ඕන නම් ඒකට අදාළ කෝඩ් එක තියෙනවා. ඒවා බලලා ඔයාගේ වැඩේ පටන් ගන්න තියෙන්නේ.

0 Comments