Google එකෙන් දැන් එයාලගේ Business Clients ලා වෙනුවෙන් අලුත් AI Platform එකක් ලෝන්ච් කරලා තියෙනවා. ඒක තමයි "Gemini Enterprise". මේක හදලා තියෙන්නේ company Data, Workflows, සහ employees ලා හැමෝම එකට Connect කරලා, Workplace එකේ Productivity එක උපරිම කරන්න.
ගූගල් සමාගම කියන්නේ මේක තමයි Workplace එකේ AI වලට තියෙන "New Front Door එක" කියලා. මේකට පාවිච්චි කරලා තියෙන්නේ එයාලගේ Advanced Gemini models.
මූලික අරමුණ සහ විශේෂාංග
මේ Platform එකේ විශේෂත්වය වෙන්නේ, employees ලට එයාලගේ company documents සහ data එක්ක Conversational Chat Interface එකක් හරහා Interact වෙන්න පුළුවන් වෙන එක.
මූලිකවම මේ Gemini Enterprise Platform එක Components හයක එකතුවක් විදියට එනවා. ඒ අතර:
Advanced Gemini models
No-code Workbench එකක්
විශේෂ වැඩ කරන්න පුළුවන් Pre-built Agents
Google Workspace වගේම Microsoft 365 වලට Secure Data Connections
Centralized Governance (සියල්ල පාලනය කරන්න)
Google Cloud වල CEO වන Thomas Kurian කියලා තියෙනවා, දැනටමත් Google Cloud Customers ලා වලින් 65% ක්ම AI Products පාවිච්චි කරනවා කියලා.
ඒ වගේම මේක පාවිච්චි කරලා හොඳ results ගත්ත Customers ලා ගැනත් details කියලා තියෙනවා.
Banco BV එක ඔවුන්ගේ relationship managers ලා කරන analytics වැඩ Automate කරලා.
Legal AI company එකක් වන Harvey, ලොකු legal teams වලට Contract Analysis වගේ දේවල් වලින් පැය ගණන් save කරලා දීලා තියෙනවා.
Commerzbank එකේ Chatbot එකෙන් customer ලගෙන් එන ප්‍රශ්න වලින් 70% ක්ම විසඳනවාලු.
අලුත් Tools සහ Support
මේ launch එකත් එක්ක ගූගල් එක තව අලුත් tools කීපයක්ම හඳුන්වා දුන්නා.
Data Workflows Automate කරන්න Data Science Agent එකක්.
Developers ලා වෙනුවෙන් Gemini CLI එක Expand කරලා තියෙනවා.
ඒ වගේම AI පාවිච්චි කරන්න ඉගෙන ගන්න පුළුවන් Google Skills කියන free training platform එකක් සහ, Complex AI challenges වලට organizations වලට උදව් කරන්න Delta කියලා Elite Team එකකුත් Introduce කරලා තියෙනවා.

0 Comments